RSS

ත්‍රිපිටක පොත් වහන්සේලා

සංයුත්ත නිකාය 4 සලායතන වර්ගය පටුන.
සංයුත්ත නිකාය 4 සළායතන වර්ගය.
සංයුත්ත නිකාය 1 සගාථ වර්ගය පටුන.
සංයුත්ත නිකාය 1 සගාථ වර්ගය.
සංයුත්ත නිකාය 3 ඛන්ධක වර්ගය පටුන.
සංයුත්ත නිකාය 3 ඛන්ධක වර්ගය.

මඡ්ඡිම නිකාය මූල පන්නාසකය පටුන.
මඡ්ඡිම නිකාය මූල පන්නාසකය

දීඝ නිකාය 1 පටුන.
දීඝ නිකාය 1.

ඛුද්දක නිකාය. විමාන වත්තු ප්‍රේත වත්තු.

අංගුත්ර නිකාය. පඤ්චක නිපාතය.
අංගුත්තර නිකාය. ඒකක නිපාතය

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වටිනා දහම් පොත්

වටිනා දහම් පොත්

රහතන් වහන්සේ මරනින් මතු.....
බලන් පුරවරක අසිරිය...
ධම්ම පදය.(පුප්ප වර්ගය).
අවවාද ගැන අවවාදයක්.
මහමෙවුනාවට හිතෛශී කෙනෙක් වෙමු.
රතන සූත්‍රය. 
මහා මංගල සූත්‍රය 
කරණීය මෙත්ත සූත්‍රය 
මහා සතිපට්ඨාන සූත්‍රය 
ගිරිමානන්ද සූත්‍රය
ආදරණීය වධකයා.
අසිරිමත්ය ඒ භාග්‍යවතාණෝ.
අසිරිමත් සම්බුදු නුවණ.
අපේ වගකීම.
ජරා මරණ දුකෙන් මිදෙමු.
සත්පුරැෂ භූමියට පැමිනෙමු.
මහාලි සූත්‍රය.
මගේ ලොව එලිය කල...
චංකී සූත්‍රය.
තෝරා ගණිමු සැබෑම නායකත්වය.
සොඳුරැ හුදකලාව.
මෙතෙරින් එතෙරට.
ස්වර්ණමාලි මහා සෑ ඉතිහාසය.
සිතට සුව දෙණ භාවනා.
සිත සනසන අමා දහම්.
සිත නිවන භාවනා.
සැපයක්ය එය නුඹට සැණසෙන්න මෙත් සිතින්.
සීල සූත්‍රය.
සැබෑ බසින් මෙම සෙත සැලසේවා.
සත්‍ය සොයා යාම.
පිණ හා අවබෝධය.
පැහැදිලි ලෙස දෙසූ සිරි සදහම්.
නුවණින් ලොව එලිය කරනා මහා ඉසිවරයාණෝ.
නුවණැත්තන් හට මෙලොවේ දකින්නට පුලුවනි සිරි සදහම්.
නුවණැති ඔබට සෙනෙහෙබර ඇමතුමක්.
නුවණැත්තෙක් වෙන්නට නම්.
නිවන්නට භව ගිමන්.
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ.
මගේ ලොව හිරැ මඬල ඔබයි බුදු සමිඳුනේ.
මග හොඳට තිබේනම්.
ගෞතම සසුනේ පිහිට ලබන්නට.
එළිය විහිදෙන නුවණ.
ඒ අමා ගීතය.
ශ්‍රාවකයා මම වෙමි.
බුදුසසුනේ මහානීය වස්තු තිස් හත.
බුද්ධියේ හිරැ කිරණ.
භාවනා කරමු.
විශාකා උපෝසත සූත්‍රය.
සසරක රහස.
කවුද ඔබට මේතරම් බොරැ කිව්වෙ.
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා.
පිරැවාණා පොත් වහන්සේ.
සත් තිස් බෝධි පාක්‍ෂික ධර්ම.
නිර්මාංශ ප්‍රශ්නය.
කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතින්.
සැබෑ ශ්‍රාවකයාද ඔබ.
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.

ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන ගාථාව.
මෛත්‍රී භාවනාව..
නව අරහාදී බුදු ගුණ
තිරෝ කුඩ්ඩ සූත්‍රය.

සංසාර මන්දිර

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම

 ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම විස්තරයයි. ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.


ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.

මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..


ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.


සතර සති පට්ඨානය


      1 කායානු පස්සනා සතිපට්ඨානය
                                 කෙලෙස්  තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම  නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.


      2 වේදනානු පස්සනා සතිපට්ඨානය
                              සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි


      3 චිත්තානු පස්සනා සතිපට්ඨානය
                               දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම


      4 ධම්මානු පස්සනා සතිපට්ඨානය
                               ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.

  සතර සම්‍යක් ප්‍රධාන වීර්යය


      5 නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය

      6 උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය


       7 නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය


      8 උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය


 සතර සෘද්ධි පාද

      9 ඡන්ද සෘද්ධි පාදය
                     ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද  සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

      10 චිත්ත සෘද්ධි පාදය
                            අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

      11 විරිය සෘද්ධි පාදය
                                අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.

      12 වීමංසා සෘද්ධි පාදය
                                     අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි

 පංච ඉන්ද්‍රිය

      13 ස්‍රද්ධා ඉන්ද්‍රිය
                           ස්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.

      14 විරිය ඉන්ද්‍රිය
                         නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන්  අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා  උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත්  සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.

      15 සති ඉන්ද්‍රිය
                     සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.

      16 සමාධි ඉන්ද්‍රිය
                                  නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.

      17 ප්‍රඥා ඉන්ද්‍රිය
                          නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.

 පංච බල

      18 ස්‍රද්ධා බලය
              ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි

      19 විරිය බලය
                    වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි

      20 සති බලය
                     සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි

      21 සමාධි බලය
                  සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි

      22 ප්‍රඥා බලය
                 ප්‍රඥා  ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම  ප්‍රඥා  බලය වෙයි

 සප්ත බොඡ්ඡංග

      23 සති සම්බොඡ්ඣංගය
                සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.

      24 ධම්ම විජය සම්බොඡ්ඣංගය
                      ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.

      25 විරිය සම්බොඡ්ඣංගය
                         විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.

      26 ප්‍රීති සම්බොඡ්ඣංගය
                           ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.

      27 පස්සද්ධි සම්බොඡ්ඣංගය
                        පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.

      28 සමාධි සම්බොඡ්ඣංගය
                             සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.

      29 උපේක්ඛා සම්බොඡ්ඣංගය
                             උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය
මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද?
එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි..

 පරම සත්‍ය ධර්මයක් වන දුක පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද, ඒ දුකෙහි පැවැත්මට මුල් වූ කාරනය පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද, ඒදුකහි පැවැත්ම නිරැද්ධ කිරීම පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද, ඒ දුක නිරැද්ධ කිරීමට අනුගමනය කරන වැඩ පිලිවෙල පිලිබඳ යම් ආකාරයක අවබෝධ ඤානයක් ඇත්ද......නැතහොත් චතුරාර්‍යසත්‍ය පිලිබඳව ඇති අවබෝධ ඤානයයි.
 බුදු රජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෙක් හෝ ගිහි ශ්‍රාවකයෙක් මේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල යුතුයි.
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.
    30 එය සම්මා දිට්ඨිය නම් වෙයි.

 දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්
    31 සම්මා සංකල්පය නම් වෙයි..

 බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන්  වැලකීම හිස් වචනයෙන් වැලකීම
    32 සම්මා වාචා නම් වෙයි..

  කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.
    33 සම්මා කම්මන්ත නම් වෙයි..

  අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.
    34 සම්මා ආජීවයනම් වෙයි..

  හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.
    35 සම්මා වායාමය නම් වෙයි..


  සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.
    36 සම්මා සතිය නම් වෙයි..

 සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.

    37 සම්මා සමාධිය නම් වෙයි...

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මෛත්‍රී බුදුන් පහල වීම

මෛත්‍රී බුදුන් පහල වීම

( මෙම මහාභද්‍ර කල්පයේ පහල වන අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වශයෙන් මෛත්‍රී බුදුරජාණන්ලොව පහල වන්නේ ය. භද්‍ර යනුවෙන් හඳුන්වන්නේ කාලපරිච්චේදයක උපරිම, උසස් ම යන අරුත යි. එක් භූමියක හෙවත් පෘථිවිතලයක පහලවිය හැකි බුදුවරු උපරිම සංඛ්‍යාව පස්නමකැ යි දේශනා කර තිබේ. එය භද්‍ර කල්පය නමින් හඳුන්වයි. ඒ අනුව මේ පෘථිවි තලයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම නමින් සම්මා සම්බුදුවරු සිව්නමක් මේ වනවිටත් පහල වී පිරිනිවී අවසාන ය. පස්වන සහ අවසාන සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලෙස මෛත්‍රී බුදුන් ලොව පහල වන්නේ ය. මෛත්‍රී බුදුන් ගේ පිරිනිවීමෙන් කලකට පසු මේ පෘථිවි තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක ඇවෑමෙන් නැවත පොළවක් සකස් වන්නේ ය. ඉන්පසු ඇරඹෙන්නේ නව කල්පයකි. එ ම කාලය තුළ නැවත කොපමණ කල්ප ප්‍රමාණයකින් නැවත බුදුවරයකු උපදී දැ යි කීමට අපහසු ය. හේතුව බුද්ධ ශුන්‍ය කල්ප ඉතා අධික වීම යි. )

මෛත්‍රී බුදුන් පහලවන කාලය

මෛත්‍රී බුදුන් පහල වීම සම්බන්ධයෙන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධවංශ දේශනාව අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ ගේ අයැදීම මත අනාගත වංශ දේශනාව වදාළ සේක. ගෞතම බුද්ධ ශාසනය සම්පුර්ණ වශයෙන් ලොවින් අන්තර්ධාන වූ පසු ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ගේ පරිහාණිය වර්ධනය වේ. ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමාණය ද, අඩුවෙමින් ගොස් අවසානයේ දසවර්ශය දක්වා පහත වැටෙන බව දේශනා කර ඇත. ඉන්පසු නැවත මිනිසුන් ගේ ගුණධර්ම ක්‍රමයෙන් වර්ධනය වන කාලයක් උදාවන බව ත් ඊට අනුරූප ව මිනිසුන් ගේ ආයුප්‍රමානය ද, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන බව දේශනා කොට තිබේ. අවුරුදු අසංඛ්‍යෙය ප්‍රමාණයක් දක්වා ආයුෂ වර්ධනය වන්නේ ය. ඉන් අනතුරුව නැවත ගුණධර්ම පිරිහී ආයුෂ ප්‍රමාණය අවුරුදු අසූදහසකට පැමිණෙන කාලයේ දී මෛත්‍රී බුදුරාජාණන් වහන්සේ ලොව පහල වන බව බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත.

උන්වහන්සේ ගේ පරමායුෂ අවුරුදු අසුදහසකි. උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද, ශාසනය අවුරුදු එක්ලක්ෂ අසුදහසක් තරම් කාලයක් ලොව පවතින බව සඳහන් වේ. වීර්යාධික බුදුවරයානකෙනෙකු බැවින් පළමු නියත විවරණය ලබා සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට සමතිස් පාරමිතා සම්පුර්ණ කර ඇත. එ නම් අප ගෞතම සර්වඥයන් වහන්සේ බෝසත් අවධියේ නියත විවරණ ලබන්නට ත් බොහෝ කලකට පෙර සිට ම මෛත්‍රී බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පුර්ණ කිරීම ට උත්සාහවත් වී ඇති බව තේරුම් ගත යුතු ය.

මෛත්‍රී බෝධිසත්ව ප්‍රථම අභිනිහාරය. (පළමු නියත විවරණය)


මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය. ඒ බව දැන පිරිස සමග ගොස් බුදුන් පුදා දහම් අසා සක්විති රාජ සම්පත් අතහැර රතන නමින් පැවිදි විය. එ තැන් පටන් මහත් දානාදී පින්කම් සිදුකළේ ය. අන්‍ය භික්ෂුන් වහන්සේලා ට ආශ්චර්යයක් ගෙන දෙන පමණින් පින්කම් සිදුකරන්නට යෙදුනු බව කියවේ. ඒ අනුව මුහුත්තර බුදුරාජාණන් වහන්සේ "මෙ ම භික්ෂුව මෙ තැනින් සොළොසාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගියතැන මෛත්‍රී නමින් සම්මා සම්බුදු වන්නේ ය" යි දේශනා කොට වදාළ සේක. ඒ මුහුත්තර බුදුරාජාණන් වහන්සේගෙන් ලද නියත විවරණය ප්‍රථම නියත විවරණය යි.

මෛත්‍රී බෝධිසත්ව අවසාන නියත විවරණය.

අප ගෞතම සර්වඥයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වස් වසා අවසානයේ මහත් වූ අසිරියෙන් දෙවාරෝහනයන් සහිත ව දෙවියන් ද, පිරිවරමින් දෙව්ලොවින් සංකස්සපුරයට වැඩමවූ සේක. ඒ අසිරිය දුටු බොහෝ ජනයා පැවිදි විය. ඒ අතර ට මෛත්‍රී බෝධිසත්වයන් ද, විය. එ කල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් පුත්‍රයකු ව සිටින්නා හ. දිනක් තමන් ට ලද වස්ත්‍ර යුගලකින් බුදුකුටියට වියනක් කොට පිදී ය. ඒ අරභයා දහම් දේශනා කළ බුදුන් වහන්සේ "මෙ ම වස්ත්‍ර යුගලකින් මා පිදූ ආර්ය මෛත්‍රී භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන බව දේශනා කළ සේක. මෙය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ අවසාන නියත විවරණය යි. එ මෙන් ම මෙයින් උන්වහන්සේ ගේ පාරමිතා කාලසීමාව ද, අවසන් වන්නේ ය. එ නම් බුද්ධත්වය ලැබීම සඳහා කළයුතු සියලු ම කෘත්‍යයන් ඉටු කර අවසන් බව යි.

මෙලොව පහළ වීම.

සියලු ම පාරමිතා පුරා අවසන් වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේ ය. එය සියලු ම බුදුරජාණන් වහන්සේලා ට පොදු වූ ධර්මතාවයකි. උන්වහන්සේ දසදහසක් දෙව්බඹුන් ගේ ආරාධනා මැද පස්මහා බැලුම් බලා අජිත නමින් ලොව පහල වන බව වදාළ සේක. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නැවත මෙ ලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල් හි බව ඉහත දී සඳහන් කළෙමි. එ කල් හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේ ය. සංඛ නම් වූ සක්විති රජ කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේ ය. ඔහු ට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේ ය. එ කල් හී සුබ්‍රහ්ම නම් බමුණා ට දා ව බ්‍රහ්මවතී බැමිණිය ගේ කුස තුළ මෛත්‍රී බෝධිසත්වයන් පිළිසින්දගන්නා බව සඳහන් වේ.

අභිනිෂ්ක්‍රමණය

උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් වාසය කරන්නේ ය. අවසන තම අග බිසව වන චන්ද්‍රමුඛී දේවිය, බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේ දී සතර පෙර නිමිති දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ නිර්වාණ සුවය සොයා යන්නේ ය. එ සේ සිතා උඩුමහල් තලයට ගොස් සත්දිනක් දුෂ්කරක්‍රියා කරයි. සියලු සම්බුද්ධයන් වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දින මහාබිනික්මන් කරමි යි සිතු පමණින් ම රැකවල් ළා සිටි මහපිරිස් සමගින් අහසින් බෝ මැද ට වඩනා බව ත් වදාළ හ. චන්ද්‍රමුඛී දේවිය විසින් ම කිරිපිඬු දානය පුජා කරන බව ත්, බඹුන් විසින් සිවුරු පුජා කිරීමෙන් පැවිදි වෙස් ගෙන නා බෝධි මුලය වෙත වැඩම කරන බව ද, වදාළ සේක. නා බෝධින් වහන්සේ ට පිට දී අලුයම යාමයේ සියලු කෙලෙස් නසා උතුම් සම්‍යක් සම්බෝධියට පත් වන බව ද, වදාළ සේක.

මෛත්‍රී බෝසතාණන් සහ ගෞතම බෝසතුන් හමු වූ පෙර භවයක් ( ගෞතම බෝසතුන් කොටිදෙනකගේ බඩගින්නක් නිවූ ආකාරය )

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා.

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා.

ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා.

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා.

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා.

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා.

“ එතැනදි මෛත්‍රී බෝසතාණන් එක් ප්‍රාර්ථනාවක් කරනවා. මට කලියෙන් ගෞතම බෝසතාණන් බුදු විය යුතුයි කියලා. ”

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නො දකින්නෝ.


මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහු ද යත්, පන්සිල් රැක්කාහු ද, දස කුසල්වල යෙදුනෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. දාගැබ් කරවූවෝ ද දාතු කරඩු පිදුවෝ ,ද දාන ශාලා තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වැව් පොකුණු බැන්දෝ ද, ඒදඩු පාලම් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ධර්ම දේශනා කළෝ ද, ධර්ම ශ්‍රවණය කළෝ ද, ධර්මය ලියන ලද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පන්සල් තැනුවෝ ද, ගිලන් හල් තැනුවෝ ද, අනාථාගාර ඉදි කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආදර බහුමානයෙන් මහණදම් පිරුවෝ ද, මහජනයා කුශල් හි යෙදවූවෝ පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ආහාර පාන දන් දුන්නෝ ද, ගෙවල් දොරවල් නිවාස තනා දුන්නෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කෙත්වතු පිදුවෝ ද, සිවුරු රෙදිපිලි පිදුවෝ ද, මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ට ආධාර උපකාර කළෝ ද, භාෂා ශාස්ත්‍ර දියුණුව ට පොත පත කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පිළිම ගෙවල් ඉදිකරවූවෝ ද පෙති පිළිම කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බෝධිසත්ව චරිත කථාවන් අඹවන ලද්දෝ ද, ඒවා බිතු සිතුවම් කරවූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ගිලනුන් ට උපස්ථාන කළො ද, රෝග තුරන් කිරීමට වෙහෙස මහන්සි වූවෝ ද, වසංගත රෝග වළක්වාලුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සතුනට කරන හිංසා වැලැක්වූවෝ ද, ගිලන් සතුනට බේත්හේත් කළෝ ද, බන්ධනගත සතුන් මුදා හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද මවුපියන්ට උපස්ථාන කලෝ ද, ගුරුවරාදීන්ට සංග්‍රහ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. තුණුරුවන් උදෙසා උඩුවියන් පාවඩ පිදුවෝ ද, ශබ්ද පූජා පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සුවද දුම් පිදුවෝ ද, පහන් ගෙවල් තැනුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බණ අසන්නට හඩගෑවෝ ද, බණ දෙසන කල් හි සාධුකාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මහජන සුබසෙත සැලසූ රජමැති ඇමති සිටු ආදී නරදෙටුවෝ ද, වැසියන් නො තලා අයබදු ගත් රජදරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. පැවිද්ද සඳහා දරුවන් පූජා කළ මව්පියෝ ද, වස් ආරාධනා කොට ඇප උපස්ථාන කළෝ ද, වස් කාලයන් හි පිළිවෙත් පිරූ ගිහි පැවිද්දෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

මහජන කරුණාවෙන් සේවය කළ නිලදරුවෝ ද, මංමාවත් ඉදිකර වූවෝ ද, අම්බලම් තැනුවෝ ද, දන්සැල් පැවැත්වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ත්‍රිවිධ රත්නය උදෙසා පෙරහැර පැවැත්වූවෝ ද, බුදු සිරිතෙන් සරසා වෙසක් තොරණ බැන්දෝ ද, තුණුරුවන් උදෙසා පහන් කූඩු විසිතුරු කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. නැති බැරි අය ගේ මංගල අවමංගල කටයුතු සම්පාදනය කළෝ ද, මරණාධාර සමාගම් පැවැත්තුවෝ ද, ගරු කල යුත්තන්ට ගරු සරු දැක් වූවෝද ගුරු ගෞරවය පැවැත්වූවෝ පැවිද්දෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ඝණ්ඨාර පිදුවෝ ද, දාගැබ් විහාර පන්සල් සුණු පිරියම් කළෝ ද, බලූ කපුටු ආදී සතුන්ට ආහාර දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. කඨින පින්කම් කළෝ ද, වන්දනා ගමන් ගියෝ ද, ගෞතම බුදුපියාණන් උපත ලද, බුදු වූ, දම් දෙසූ, පිරිණිවන් පෑ, තැන් වැද පුදා ගත්තෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මරණය ට කැප වූ සතුන් මරණ භයින් මුදවා අභය දානය දුන්නෝ ද, ඉගැන්වීම් ආදියෙන් බුද්ධි දානය දුන්නෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෙහෙර විහාරස්ථාන හා පාසල් ‐ රෝහල් ‐ අනාථ නිවාස සඳහා ඉඩ කඩම් පිදුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

තව ද අනුන්ට ඊර්ෂ්‍යා නො කලෝ ද මුදිතාව දියුණු කළෝ ද මෙත් වැඩුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. වෛර නො කළො ද කරුණාව පැතිරවූවෝ ද සාමය රැක්කෝ ද ප්‍රිය වචන කථා කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. බුදු පිළිම කරවා නේත්‍ර පිහිටවූවෝ ද සලාක දන් දුන්නෝ ද කොඩි කුඩ පහන් පිදුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. සිප්හල් පිහිටුවා සර්වඥ ධර්මය ඉගැන්වූවෝ ද බෝධිඝර කරවූවෝ ද අන්ධයන්ට පෙනීම ලබා දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. අනාථයත්ට උපකාර වූවෝ ද බෙහෙත් ගස් සිටුවූවෝ ද ගස් කොලන් වැවුවෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. ජලාශ පිහිටවූවෝ ද සතුන් ට ඛෙහෙත් කළෝ ද පෙහෙවස් රකින්නවුන්ට උවටැන් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය. මියගිය ඥාති මිත්‍රාදීන් උදෙසා පින්කම් කළෝ ද, වන සෙනසුන් පෝය ගෙවල් තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහු ය.

ඉහත දැක්වූ කුශල ධර්මයන් හි යෙදුනෝ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දකින්නාහු කවරහෙයින්ද යත් මෙ කී නො කී පිංකම්වල කුසල බලය නිසා ඔවුහු සියල්ලෝ ම මරණින් මතු චාතුර්මහාරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිතවසවර්තිය යන සදිව්‍ය ලෝකයන් හි සහ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහා බ්‍රහ්ම ආදී ලෝකවල උපත ලබා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දී මිනිස් ලොවට බට තුසිත දිව්‍ය භවනය හා සමාන වූ සකල සම්පත්තියෙන් අනූන කේතුමතී නම් රාජධානියෙ හි රජ ‐ මැති ‐ ඇමති ‐ පවුල්වල උපත ලබන්නාහු ය. සිටු පවුල් බ්‍රාහ්මණ පවුල් සහ ගෘහපති පවුල්වල ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාවය යන කරුණු පසින් සපිරුණු පිංවතුන් ‐ පිංවතියන් ව ඉපිද, ඒ මෛත්‍රී බුදුන් දකින්නාහු ම ය.

මෙසේ සසර දී පුරණ ලද මේරූ පිං ඇතිව උපන් ස්ත්‍රී පුරුෂයෝ ඒ මෛත්‍රී බුදුන් දැක තම තමන් පැතූ පරිදි ම ඒ මෙතේ බුදු රජාණන් වහන්සේගෙන් බණ අසා දන් පහන් පවත්වා පිළිවෙත් පුරා අමා මහ නිවන් දක්නාහු ය.
මෛත්‍රී සර්වඥයන් වහන්සේ නො දකින්නෝ කවරහුද යත් මව් මැරුවෝ ද, පියා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. රහතුන් වහන්සේලා මැරුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ලෝහිතුප්පාදක (බුදුන් ගේ ඇඟේ ලේ සෙලවීම) පාප කර්මය කලෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සංඝ බේදය කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දාගැබ් බින්ඳෝ ද පෙති පිළිම බෝ ගස් වැනසුවෝ ද රන් රිදී ආදිය නිසා බුදු පිලිම සොරකම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බණ පොත් විනාශ කලෝ ද සඟසතු දේපල ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහණ බමුණන්ට හිරිහැර කළෝ ද, මව් පියන්ට හිංසා පීඩා කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සිල්වත් ගුණවත් උතුමන්ට බොරු චෝදනා කළෝ ද, දන් වැට පුද පඩුරු ගසා කෑවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළෝ ද, කපටි වංචනිකයෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

මෙලොවක් නැත පරලොවක් නැත පිනක් පවක් නැතැයි කීවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ප්‍රාණඝාත කළෝ ද ඒවා ට අනුබල දුන්නෝ ද සොරකම් කලෝ ද සොරකම ට අනුබල දුන්නෝ ද අනාචාරයෙ හි හැසිරුණෝ ද එයට අනුබල දුන්නෝ ද, බොරු කීවෝ ද පරුෂ වචන කීවෝ ද සම්පප්‍රලාප දෙඩුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මත් පැන් බීවෝ ද මත් පැන ට අනුබල දුන්නෝ ද, මත් ද්‍රව්‍ය පැතිර වූවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සතුන් මරා මස් කෑවෝ ද එය ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. මරණු පිණිස සතුන් ඇතිකළේ ද මැරීමට විකුණනු ලැබූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

බොරු සාක‍ෂි දුන්නෝ ද බොරුවට දිවුරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. ණය ගෙන ණය නුදුන්නෝ ද ගිනි පොලීකරුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අන් හට ලැබෙන දෙය වැළැක්වූවෝ ද අනුන් නො මග යැවූවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. නිසි ලෙස මහණදම් නො පුරමින් දුසිල් ඡීවිත ගත කළෝ ද පැවිදි ව පැවිදිකම් හි නො යෙදුනෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අල්ලස් ගත්තෝ ද ඒ පාපය ට අනුබල දුන්නෝ ද ගේ දොර ගිනි තැබුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය ගහ කොළ භෝග වගාවන් විනාශ කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. වස විෂ කැව්වෝ ද හදි හූනියම් කලෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. හොර ජාවාරමි කරුවෝ ද අධික මිලට වෙළහෙලදාම් කළෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. බොරුවෙන් වන්චාවෙන් මැති ඇමති වරුන් නරදෙටුවන් නො මග යැව්වෝ ද නපුරු අවි ආයුධ තැනුවෝ ද එකී පාපයන් ට අනුබල දුන්නෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

අනේකාකාර ක්‍රම උපක්‍රමවලින් රට වැසියාට හිංසා පීඩා පැමිණ වූ රජ මැති ඇමති පාලකයෝ ද වැව් පොකුණු ගංඟා ආදී ජලාශයන් අපිරිසිඳූ කළෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. දරුවන් නො මග යැව්වෝ ද, යුතුකම් පැහැර හැරියෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. සර්වඥ ධර්මය පහත් කොට සැලකුවෝ ද මාන්න අධික ව අනුන් පහත් කොට තමන් උසස් ලෙස සැලකුවෝ ද ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය. අඹුදරුවන් අතරමං කළෝ ද, අනුන් බය ගැන්නුවෝ ද, ඒ මෛත්‍රී බුදුන් නො දකින්නාහු ය.

ඉහත කී පරිදි අකුසල් කළෝ ඒ මෛත්‍රී බුදුන් නො දකින්නේ කවර හෙයින්ද යත් මේ පාපකර්මයන් කිරීම නිසා මරණින් මතු සංජීවය, සංඝාතය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන අටමහ නරකයන් ට වැටී ඔවුහු අනන්ත අප්‍රමාණ කාලයක් අප්‍රමණ දුක් විදින්නාහුය ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ ගේ කාලය වන විට ද මෙකී නො කී පවුකම් කළෝ ඒ අපායන් හි ම වෙසෙන බැවින් ඔවුන්ට ඒ මෛත්‍රී බුදු රජාණන් වහන්සේ නො දැකිය හැකි වන්නේ ම ය.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත්

රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත් (Download)


1. බෞද්ධයාගේ අත්පොත Bauddayage Athpotha

බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්යo මුලික දැනුම ලබා ගැනිමටත් බෞද්ධයකු වශයේන් හැසිරිමට අවශ්යන හැදියාව ලබා ගැනිමටත් මුලින්ම කියවිය පොතකි.

2. පුණේයොපදේශය Punyopadeshaya

බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්ර තීඑල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්රැහ අපල, අමනුෂ්යව දොශ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්තක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.

3. සුවිසි මහා ගුණය Suvisi Maha Gunya

තෙරුවන් ගුණ සුවිස්ස (24) ශ්රොද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්යය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකි ය.

4. මංගල ධර්ම විස්තරය Mangala Dharma Wisthara

මහා මංගල සුත්රරයේ ඇතුළත් මෙලොව පරලොව. යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජිවිතය සාර්ථක කර ගැනිම සදහා ආගම භේදයකින් තොරව හැමදෙනා විසින් ම කියවිය යුතු ග්රින්ථයකි.

5. පොහොය දිනය Pohoya Dinaya

සිල සමාදානය සාර්ථක කර ගැනිම ස්දහා කියවිය යුතු පොතකි. පොහො දින කළ යුතු වන්දනා පුජා භාවනා ආදි කටයුතු පිළිබදව විස්තර කර ඇත.

6. බෝධි පුජාව Bodhi Poojawa

අද බහුලව කෙරෙන පිංකමකි , බොධිපුජාව . නියම ප්රනතිපල ලැබිය හැකි අන්දමින් බෝධි පුජාව කරන ආකාරය මේ පොතින් දෑනගත හැකි ය.

7. බුද්ධ නිති සංග්රරහය Buddha Nithi Sangrahaya

සත්වයාගේ මෙලොව පරලොව යහපතටත්, නිවන් ලැබිමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. පිටකත්රේයේ පැතිර පවත්නා උපදේශ ගාථා 550 ක් ඇසුරින් කාහටත් ප්රොයොජනවත් සේ ස්කසා ඇති මේ පොත ඉගැන්විමටද සුදුසු ය.

8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය Bodhipakshika Dharma Wistharaya

බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දෑකිය හැකි බෝධි තුනකි. එම සත්යා වබෝධය ලබා ගැනිමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

9. පාරමිතා ප්රබකරණය Paramitha Prakaranaya

නිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.

10. ධර්ම විනිශ්චය Dharma Winischaya

ධර්මය නො දැනිමේ හේතුවෙන් බෞද්ධයා අතර ඇති වන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්රතශ්න සියයක් අලලා සකස් කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනිමට මේ පොත කියවිම සුදුසු ය.
11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්රුමය Nirwana Winischaya Ha Punuruthpaththi Kramaya

බෞද්ධයගේ ප්රනධන බලාපොරොත්තුව වු නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්රtමයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.

12. මෙකල නිවුණු ඇත්තෝක Mekala Niunu Aththo

දශක දෙකක් රේරුකානේ මහ නාහිමිපණන ඇසුරු කරමින් උපස්ථාන කළ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ලියු නාහිමි චාරිත වත සහ නාහිමියන් සිහිකරමින් දේශනා කළ ධම් දේශන 15 කි.

අභිධර්මය හදරන්නන්ට සහ මනෝ විද්යා්ත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් පොත්. Abhidharma

13. අභිධර්මයේ මුලික කරුණු Abidharmaye Mulika Karunu Abhidharma

චතුරාය්ය. සත්යමය අවබෝධ කර ගැනිමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනිමක් තිබිම ප්රmයෝජනවත් ය. මේ පොත කියවිම අභිධර්මය ඉගෙනිමට ද හොද පදනමකි.

14. අභිධර්ම මාර්ගය Abidharma Margaya Abhidharma

නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදැරිම සඳහා පිළියෙළ කර ඇති, දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්රධහය අනුව ලියවි ඇත.

15. වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම Wanchaka Darma Ha Chithopaklesha Dharma

අකුශලයෙන් මිදිම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. 'වතථ' සුත්රhයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුසලාකාරයෙන් ඉදිරිපත් වි සිත රවටන චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤචක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වි ඇත. මේ පිළිබඳව ලියැවුණ එකම පොතය.

16. කෙලෙස් එක් දහස් පනිසියය Keles Ek Dhahas Panisiyaya

නොයෙක් වර අසන්නට ලැබෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන් අනේකාකාරයෙන් විස්තර කරන පොතකි.

17. පට්ඨාන මහා ප්ර්කරණ සන්නය Pattana Maha Prkarana Sannaya Abhidharma

පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්රtකරණය උගත යුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්රිස්ථාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්ර්කට කරයි.

18. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්රදහය Anuwadha Sahitha Abidharmartha Sagrahaya Abhidharma

අභිධර්මය ඉගෙනිම සඳහා මුලින්ම ව පොත් කරන අභිධර්මාර්ථ සංග්ර හයට කල සරල සිංහල අනුවාදයකි.

භාවනා කරන්නවුන්ට විශේෂයෙන් ප්ර යෝජනවත් පොත් Buddhist Meditation

19. චතුරාය්යේ සත්ය්ය Buddhist Meditation

බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ චතුරාය්යත සතය්ය දේශනා කරනු පිණිසය. ලෝකෝත්තර මාර්ග එල ලැබිමට නම් චතුරාය්යන සත්යොය අවබෝධ කළ යුතු ය. කාටත් පහසු වෙන් තේරුම් ගත හැකි සේ චතුරාය්යh සත්යර ධර්මය පැහැදිලි කරන පොතකි.

20. විදර්ශනා භාවනා ක්රරමය Vidarshana Bawana Kramaya Buddhist Meditation

කෙලින්ම නිවන් ලබාදෙන පිංකම විදර්ශනා භාවනාවයි. විදර්ශනා වඩන බොහෝ ක්ර ම අතුරින් පහසුවෙන් ප්රිතීඑල ලැබිය හැකි ක්රශමයක් විස්තර කරයි.

21. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව Chaththalisakara Maha Vipassana Bawanawa Buddhist Meditation

විදර්ශනා ඤාණය දියුණු විම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවිමට සුදුසු පොතකි. Vidharshana Bawana Buddhist Meditation

22. සතිපට්ඨාන භාවනා ක්රtමය Sathipattana Bawana Kramaya Buddhist Meditation

දැනට කදුබොඩ ආදි විපස්සනා භාවනා මාධ්ය‍ස්ථානවල පුහුණු කරන භාවනා ක්ර මය ධර්මාණුකුලව විස්තර කරයි.

23. සතිපඨාන භාවනා විවේචන සහ තවත් කෘති

2500 බුද්ධ ජයන්තිය සමග ඇති වු භාවනා පුනරුදය නො ඉවසු සමහර දෙනා අතර පැන නැගුණු විවෙචනයන්ට දුන් ධර්මානුකුල පිලිතුරු සහ ශාසන ඉතිහාසය හා කාලින ශාසන කටයුතු පිලිබඳ නාහිමියන් ගේ අදහස් ඇතුලත් කුඩා පොත් කිපයක එකතුවකි.

24. පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppadha Wiwaranaya Buddhist Meditation

හේතු-ප්රචත්යව න්යා ය පැහැදිලි කරන බුදු දහමේ ගැඹුරු දහම් කොටසක් විස්තර කරන පොතකි. සියලු බෝසත්වරුන් බුදුවන දින රාත්රිව පශ්විම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදහරණ උපමා සහිතව විවරණය කර ඇත.

විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්රේයෝජනවත් පොත්.

25. ශාසනාවතරණය Shasanawatharanaya

උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂුන් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසු ය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවිම මැනවි.

26. උපසම්පද සිලය Upasampadha Silaya

විනය නොදැන උපසම්පද විම නපුරකි, උපසම්පද ශිලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්ර හ කරන පොතකි.
27. විනය කර්ම පොත Winaya Karma Potha

පැවිදි කිරිම උපසම්පද කිරිම හා සිමා බන්දනය කිරිම ආදි විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.

28. අනුවාදය සහිත උභය ප්රාාතිමෝක්ෂය Anuwadha Sahitha Ubaya Prathimokshaya

මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවදයෙන් යුක්තයි.
Download Books (Pdf format)

01 Bauddhayage Athpotha
02 Punyopadeseya

03 Suuvisi Maha Gunaya
04 Mangala Dahrma Wistharaya
05 Buddha Neethi Sangrahaya
06 Paramitha Prakaranay
07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
08 Bodhi Poojawa
09 Keles Ekdahas Pansiyaya
10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
11 Satipattana Bhawana kramaya
12 Bodhi Pakshika Dharma Wistharaya
13 Vidarshana Bhavana kramaya
14 Chathalisakara Maha Vipassana Bhawanawa
15 Upasampada Sheelaya
16 Ubhaya Prathimokshaya
17 Abhidharmaye Mulika Karunu
18 Patthana Maha Prakarana Sannaya Part 1
19 Patthana Maha Prakarana Sannaya Part 2
20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa

21 Pohoya Dinaya22 Dharma Vinishchaya
23 Chathurarya Sathya
24 Patichcha Samuppada Vivarana
25 Vinaya Karma Potha26 Abhidharma Maragaya
27 Shasanavatharanaya


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි

රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයාට පෙන්වමින් ඇවිදින අය නොවෙයි

රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් උසස් මාර්ග ඵලයකට පත්වූයේය යන්න උන්වහන්සේ පිළිබඳව දන්නා වූ සියලූදෙනා හිස් මුදුනින් පිළිගන්නා දෙයකි. පැවිදි ජීවිතයේ වැඩි කාලයක් භාවනාවෙන් හා ගැඹුරු දහම් පොත් ලිවීමට උන්වහන්සේ වෙහෙසුණහ.

”මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දීමටත් වඩා මගේ සම්මෝහය දුරු කර ගැනීමටයි. ධර්මය ඉගෙන ගැනීමෙනුත්, පොත් ලිවීම සඳහා කරුණු රැුස් කිරීමෙනුත් ඒ සම්මෝහය දුරු වෙනවා කියලා කියන්න පුළුවන්.” එක් අවස්ථාවකදී රේරුකානේ මහ නාහිමියෝ ප‍්‍රකාශ කළහ.

වත්මන් සමාජයේ බොහෝ දෙනා වෙහෙසෙන්නේ පොහෝ දිනයකට සිල් සමාදන් වී, දාන මානාදී පින්කම් සිදුකොට නිර්වානය පසක් කොට ගැනීමටය. පසුගිය කාලය පුරාම තමන් මාර්ගඵල ලබාගත් බව කියවමින් ඇවිද්ද ගිහියෝ පමණක් නොව පැවිද්දෝ ද  ඕනෑ තරම් සිටියහ. ඇතැම්හු මාර්ග ඵල ලබාගත් බවට සමහර භාවනා පන්තිවලින් සහතික පත් ද නිකුත් කළ ඇතැයි කියති. එනිසාම රේරුකානේ මහ නා හිමියන් නිවන හා ඒ අයගේ ස්වභාවය පිළිබඳව ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියන් සමග කළ ධර්ම සාකච්ඡාවක් සංක්ෂිප්තව ඔබට ඉදිරිපත් කරමු.

එම ධර්ම සාකච්ඡාවේ එක් ප‍්‍රශ්නයක් වන්නේ සිල් රැකීමෙන් පමණක් නිවන් ලබා ගත හැකි ද යන්නයි. ඒ සඳහා රේරුකානේ මහ නාහිමියෝ මෙසේ පිළිතුරු සපයති.

”ඇතැම් පැවිද්දන් පමණක් නොව ඇතැම් ගිහියන් ද ශීලය ගැනම කතා කරමින් ශීලයම උසස් කොට ගනිමින් ශීලයෙන්ම සියල්ල සිදුකර ගන්නා බලාපොරොත්තුවෙන් සිල් පිරිසිදු කර ගැනීමෙහිම යෙදී සිටිනවා. ඒ, ඒ ඇත්තන්ගේ වැරදි හැඟීමක් සිල් රැකීමෙන් පමණක් නැවතී සිටීම, වැට බැඳ කුඹුර නොවපුරා සිටීමක් වගෙයි.”

සමාජයේ ජීවත්වන බොහෝදෙනා මෙලොව සැප ගැන සිතා කටයුතු කරන පිරිසකි. ඒ අතර තවත් කොටසක් පරලොව පිළිබඳව ද සිතා කටයුතු කරති. මෙලොව පිළිබඳව සිතන අය කෙසේ කටයුතු කළ යුතු ද යන්නත්, පරලොව ගැන සිතන අය කුමන ආකාරයේ පිරිසක් ද යන්න ගැනත් මහ නාහිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.

මිනිසුන් ආගම් පිහිට කොට ගන්නේ පරලොව සැපත, යහපත ප‍්‍රාර්ථනා කර ගෙනයි. මෙලොව සඳහා ආගම්වලින් පිහිට ඇත්තේ ස්වල්ප වශයෙන් යැයි සිතනවා. මනුෂ්‍යයකු මේ ලෝකයේ ජීවත්වන කාලය අවුරුදු සියයකටත් අඩු ඉතාම ස්වල්ප කාලයක්. නමුත් ඉන් එහා තියෙන පරලොව පිළිබඳ කාලය කල්ප ගණනාවකින්වත් ප‍්‍රමාණ කළ නොහැකි දීර්ඝ එකක්. එනිසා නුවණැති අය මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරනවා. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන, සැපයක් ලැබෙන කාරණයක් වුණත් ඒක මරණින් මතු දුගතියට යෑමට කරුණක් වනවා නම් එබඳු වැඩවලින් වැළකීමට උත්සාහ දරනවා. එබඳු අය ජීවිත ආරක්ෂාව සඳහා වුවත් පාපයක් කරන්නේ නැහැ.”

උතුම් ආර්ය මාර්ගයකට පත්වූ උතුමකුගේ ලක්ෂණ පිළිබඳව තවත් අවස්ථාවක රේරුකානේ මහ නා හිමියෝ මෙසේ ප‍්‍රකාශ කරති. තමා සෝවාන් බව කියා ගන්නා අයටත්, එමගින් වාසි ප‍්‍රයෝජන ලබන්නට උත්සාහ කරන අයටත් මේ පිළිතුර සිතන්නට කල්පනා කරන්නට ගැඹුරු අදහසක් මතු කොට දෙයි.

රහත්වීමේ මග දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් කල් ලෝකයෙහි රහතුන් වහන්සේලා, මාර්ග ඵල ලාභීන් නැතැයි ඒවා ලැබිය නොහැකි යැයි නොකිය හැකියි. මේ කාලයේ අතීතයේ මෙන් රහතුන්, මාර්ගඵල ලාභීන් සුලබ නැති බව පමණක් කියන්න පුළුවන්. රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ලෝකයට පෙන්වමින් ඇවිදින අය නොවේ. දුටුවාම රහත් බව අඳුනා ගැනීමේ ලකුණක් ද උන්වහන්සේලා තුළ නැහැ. ඒ නිසා රහත් කෙනකුන් දුටුවත් හඳුනා ගත නොහැකියි. රහත් වීමට පිරිය යුතු ප‍්‍රතිපත්ති පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වය ලබා ගත්තෙක් වෙනවා. රහත්වීමේ ප‍්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලක දී රහත් බවට නොපැමිණිය හැකි යැයි කීම යුක්ති යුක්ත නොවන කතාවක්. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප‍්‍රතිපත්තියත් කලකට අවලංගු කර දැමීමක් වෙනවා.

”රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතැමෙක් ඉතාම කෙටි ධර්ම දේශනාවක් ඇසීමෙනුත් රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරතුර දී රහත් වෙනවා. ඇතැමෙක් පැවිදි වී දින ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් මාස ගණනකින් රහත් වෙනවා. ඇතැමෙක් වර්ෂ ගණනකින් උත්සාහ කරලා රහත් වෙනවා. ඇතැමෙක් මුළු ජීවිත කාලයේම දුක් විඳලත් රහත් වෙන්නේ නැහැ.”

ලෝකයේ සිටින බොහෝ දෙනකුට නිර්වානය හෝ ධර්ම මාර්ගය ප‍්‍රිය නැත. ඔවුන්ට සසර තුළ විඳින තාවකාලික සැපයන් ප‍්‍රිය වේ. පුංචි පුංචි දෙයින් සතුටට පත්වේ. ලෝකයේ පොදු ධර්මතා ඉදිරියේ මොවුහු දුකට පත්වෙති. මේ අතරේ ධර්ම මාර්ගයේ යන සුළුතර කොටසක් ජීවිතය තුළ ලබන ලාභ, ප‍්‍රශංසා, සැප ආදියට නොඇදී ඒ ඔස්සේ සතුටු වීමට ද නොයා දුක් කටයුතු දෙයෙහි යථාර්ථය තේරුම්ගෙන නිවන් අරමුණු කොට ධර්මානුකූල පෙවෙතක් ගත කරති. ඇතැම් පිරිසක් සසරේ විමුක්තිය අරමුණු කිරීමටත් වැඩි දෙනෙක් සසරට ප‍්‍රිය කිරීමටත් හේතුව රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් ප‍්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

ඒ, ඒ ඇත්තන්ගේ අදහස් අනුවයි. මේ ලෝකයේ හෝ අන් තැනක හෝ ස්ථිර තත්ත්වයක් ඇති තැනක් නම් නැහැ. ඇත්තේ සංසාර චක‍්‍රයාගේ පැවැත්මය, නැවැත්මය යන දෙක පමණයි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකිය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සුවය ගත හැකිය.

ප‍්‍රිය වස්තූන් ඇත්තේ ද, ප‍්‍රිය පුද්ගලයන් ඇත්තේ ද, සැප, සොම්නස, ප‍්‍රීතිය ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය. ජරාව, ව්‍යාධිය, මරණය, අප‍්‍රිය සම්ප‍්‍රයෝගය, ප‍්‍රිය විප‍්‍රයෝගය, ශෝකය, පරිදේවය, දුක දොම්නස, උපායාසය ඇත්තේ ද, පණු උකුණු මකුණු, බලූ, බළල්, ඌරු, කුකුළු ආදී තිරිසන් සතුන් වීම ඇත්තේ ද යක්ෂ පේ‍්‍රත වීම ඇත්තේ ද, ගින්නෙන් දැවි දැවී ලෝහ ගුලි ගිලින ලෝදිය නිරි සතුන් වීම ඇත්තේ ද සංසාර චක‍්‍රයෙහිය.

නිවනෙහි ප‍්‍රිය වස්තු ප‍්‍රිය පුද්ගලයෝද නැත. ප‍්‍රීතිය, සුඛ, සොම්නස ද නැත. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ ද නැත. එහි පැමිණි පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණි. ටිකක් කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න.

අවිද්‍යාව සත්වයාගේ සිත කිළිටි කරන බොරු කරන අඳුරු කරන චෛතසික ධර්මයක්. එය එක්තරා මානසික රෝගයක්. ඒ රෝගයෙන් දුර්වල වූ, අඳුරු වූ සිතට පරම්පරා වශයෙන් ඉපිද ඉපිද, බිඳි බිඳී යාම, නාම රූපයන් ගේ සැබෑ තත්ත්වය පේන්නේ නැහැ. නොයෙක් විට නාම රූපයන් සත්වයන් හැටියට මිස නාම රූප හැටියට පේන්නේ නැහැ. එයින් සක්කාය දිෂ්ඨිය ද ඇති වෙනවා. නැවත නැවත සක්කාය දිෂ්ඨිය ඇති වෙන විට එය වැඞී තහවුරු වී දෘෂ්ටිධ්‍යාශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.

සක්කාය දිෂ්ඨිය සමගම ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය ලොව ඇති ඉතාම හොඳ දෙය, ඉතාම උසස් දෙය හැටියට ගන්නා තෘෂ්ණාවත්, තණ්හාව හා පංචස්කන්ධයට අයත්ව ඇති වන සුඛ සෝමනස්සයන් හා බාහිර රූපාදියත්, හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වෙනවා. ඒවා වැඞී තහවුරු වී තෘෂ්ණාධ්‍යාංශය ඇති වෙනවා. එයත් එක්තරා මානසික රෝගයක්.

ධර්මය සේවනය නොකරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත රෝග තුන තදින්ම පවතිනවා.

කෙලෙස් රෝග ඇති අයට පංචස්කන්ධය ප‍්‍රිය වෙනවා. පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිවන අප‍්‍රිය වෙනවා. එයට බිය වෙනවා. එසේ වන්නේ නිරෝධය නරක නිසා නොව කෙලෙස් රෝගය නිසයි.

”ධර්මය නමැති බෙහෙත සේවනය කොට, කෙලෙස් රෝගය සුව කරගෙන සිත පිරිසුදු කරගෙන, වාසය කරන සත්පුරුෂයන්ට පංචස්කන්ධය තරම් නපුරක්, බිය යුත්තක් වෙනත් නැහැ. නිවන තරමට උසස්ව පෙනෙන අනික් සැපයකුත් නැහැ.”

යමකුට ධර්මය නොදැන භාවනාවෙන් පමණක් ප‍්‍රතිඵල ලැබීමට හැකි ද යන්න ඉත්තෑපානේ නාහිමියන්ගෙන් තවත් ප‍්‍රශ්නයකි.

-බුදු, පසේ බුදු, උතුමන් විසින් මේ ධර්මය තම තමන් විසින්ම අවබෝධ කරගනු ලබනවා. නමුත් සැරියුත් මහ රහතන් වහන්සේ වැනි මහ තියුණු නුවණක් ඇති උතුමකුට වුණත් සද්ධර්ම ශ‍්‍රවණය, ධර්මතාවබෝධය සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මය ඇසීම, ධර්මය දැන ගැනීමටත්, ධර්මය අවබෝධ කර ගැනීමටත් අවශ්‍ය බවයි මට කියන්නට තියෙන්නේ.

අද මේ රටේ කෙරෙන භාවනා වැඩපිළිවෙළ ගැන නම් මා සතුටු වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හුඟ දෙනෙක් මුලා වෙලා කියලා. ධර්මය නොදැන කොහොමද භාවනා වඩන්නේ. ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න  ඕනෑ. ඒ වගේම භාවනාව ගැනත් තරමක හෝ දැනුමක් ඇති කර ගන්න  ඕනෑ. අද භාවනාව හුඟාක් අසාර්ථක වෙලා තියෙන්නේ ඒ ගැන දැනුමක්, තේරුමක් නැති නිසයි. මුලින්ම කෙනකුට භාවනා ක‍්‍රමයක් කියා දීම වැරදියි. භාවනාව ගැන දැනුමක්, තේරුමක් මුලින් ලබා දෙන්නම  ඕනෑ. අද නම් ගිය හැටියේම දෙන්නේ භාවනාවක්. නමුත් ඒ භාවනාව ගන්න එක්කෙනාට ඒ ගැන කිසිම තේරුමක් නැහැ. මේ රටේ භාවනාව දෙන බොහෝ දෙනාට (භාවනා ආචාර්යවරුන්ටත්) ඒ පිළිබඳ තියෙන දැනුම ඉතාම ස්වල්පයි. එහෙම තියෙනකොට කොහොමද භාවනාවෙන් ප‍්‍රතිඵල ලබාගන්නේ...?”

භාවනාව සමථ හා විදර්ශනා යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකි. බොහෝදෙනා සමථ භාවනාවට අයත් අනාපානසති ආදී භාවනා ක‍්‍රම කරන අතර ගැඹුරු විදර්ශනා භාවනා සඳහා යොමුවීම අඩුය. සමථ භාවනාවෙන් සමාධියක් නොලබා විදර්ශනා භාවනා වැඞීමෙන් පමණක් ප‍්‍රතිඵලයක් ලැබිය හැකිද යන්නට රේරුකානේ මහ නාහිමි ලබා දෙන්නේ මෙවැනි අදහසකි.

සමථ භාවනාවලින් සමාධි උපදවා ධ්‍යාන උපදවා විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනා වඩන්නට නොලැබී ජීවිතය කෙළවර වෙනවා ඇති. ඒ නිසා බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නොලැබී යන්නේය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධ්‍යානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනා ඥානයක් ලැබෙන තෙක් වුව ද භාවනාව කරගෙන යා හැක්කේ ඉතාම ටික දෙනකුට පමණයි. එයට හේතුව නීවරණයන් විසින් ඒ අය පරදවනු ලැබීමයි. භාවනාව දියුණු කළ හැකි වීමට නම් යෝගාවචරයා නීවරණ පැරදවිය යුතුයි. ඇත්ත වශයෙන්ම යෝගාවචරයාට භාවනා කරමිනුයි ක‍්‍රියා කරන්නට ඇත්තේ නීවරණ සටනයි.

මෙකල භාවනා කරමියි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප‍්‍රහානය නමැති බර වැඩක් තමන්ට කරන්නට ඇති බව පවා දන්නේ නැහැ. ඒ අය නොයෙක් ආකාරයෙන් තමන් කෙරෙහි ඇදී එන නීවරණයන් හඳුනන්නෙත් නැහැ. එබැවින් ඔවුන් නීවරණයන් විසින් පරදවනු ලැබ භාවනා කරමියි කියමින් හැම කල්හිම එකම තත්ත්වයෙන් සිටිනවා. නීවරණ ප‍්‍රහානය කිරීමට වීර්යය නොකරන ඔවුන්ට කිසි කලෙක භාවනාවෙන් උසස් ඵලයක් ලැබිය නොහැකියි. නීවරණයන් හඳුනන්නන්ට නීවරණ ප‍්‍රහානය කළ හැකියි.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ පෙර භවය පිළිබඳ ප්‍රකාශ

බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ පෙර භවය පිළිබඳ ප්‍රකාශ

අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.
උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ හෙළි කළහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.

"වසවර්ති මාරයාය කියන්නේ කෙළෙස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා පුද්ගලයෙක්. දෙවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි දෙවියෙක්. එයාගේ පිරිවරත් ඒ වගේම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වගෙම තමයි. ඒ වගෙ අය එනවිට සාමකාමී යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වගේම අනෙකුත් දෙවිවරුත් මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා හෝ ඔහුගේ පිරිස සමග ගැටෙන්නට කැමති නැහැ.

වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට බොහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. මේ ලෝකය කාමයෙන් තණ්හාවෙන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුගෙන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.

ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට වුවමනා වුණා. බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුගෙ පිරිසෙන් කණ්ඩායමක් මේ ලෝකෙට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගමේ වේශයෙන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගමේ ආකාරයෙන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ගේ පරමාර්ථය වුණේ. වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාගේ මේ වැරදි වැඩපිළිවෙල දෙව් ලොව සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන ගත්තා.

මේ වැඩ පිළිවෙල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රී බෝධි සත්ත්ව දෙවියන්ට වුවමනා වුණා. එතුමා දේව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා. ඒ වනවිට මම හිටියේ ඉතා ඈත අහසේ දිලිසෙන පුංචි තරුවක් වගේ දිව්‍යාත්මයක. මම ආවෙ නෑ. දෙවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආවෙ නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආවේ නැති නිසා මම හිතුවක්කාරයි කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මට තරවටු කළා.

"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය කර තියෙනවා. බුද්ධාගමේ හැටියටම ඒ ස්වරූපයෙන් වෙනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ දේව සභාවේදී තීන්දු කළා. දිව්‍ය ලෝකයේ සිටින බලවත් දේව කණ්ඩායමක් මනුස්ස ලෝකෙට යවන්න තීරණය වුණා. මේ කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.

"ඒ ඇයි?" කියා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මගෙන් ඇහුවා.
"මම ප්‍රබල නෑ. මට වඩා බලවත් කෙනෙක් යවන්න" කියා මම කීවා.

"මොකක්ද නුඹේ ප්‍රාර්ථනය?" කියා එවර එතුමා මගෙන් ඇහුවා.

"මට බුදු වෙන්න ඕනෑ" කියා මම කීවා.

"ඇයි? මම මනුස්ස ලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මගෙන් ඇහුවා.

"මට බැහැ. මටත් උවමනා ලොව්තුරා බුදු බවට පත්වෙන්න. ඔබත් කවදා හරි ලොව්තුරා බුදු බවට පත්වෙනවා." කියා මම කීවා.
"ලෝක සත්ත්වයාට පිහිට වෙන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.

"ආ.... නුඹට ඔච්චර ධෛර්යයක් තියෙනවා නම් ඇයි නුඹ මේ කටයුත්තට නොයන්නේ?" කියා මගෙන් ඇහුවා. මට උත්තර නැති වුණා.

"එහෙනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන්න ඕනෑ" ය මම කීවා.

"ඕනෑ වෙලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.

ඒ ලෝකෙ මිනිත්තුවක් මනුස්ස ලෝකෙ අවුරුදු සියයක් හමාරක් පමණ වෙනවා. මම තීරණය කරන කොටත් කලින් කණ්ඩායමක් පිටත් වෙලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වගේ අය මට කලින් මනුස්ස ලෝකෙට එන්න අධිෂ්ඨාන කළ ඇත්තෝ. ඒ අය මට කලින් එහෙන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරයෝ ආදී අය කීප දෙනෙක්.

"ඉතින් නායක හාමුදුරුවනේ! අන්තිමටම ආපු එක්කෙනා කව්දැ"යි මීතිරිගල නාහිමියෝ හරස් ප්‍රශ්නයක් ඇසූහ.

"අන්තිමට ආපු එක්කෙනා පියදස්සි." මේ එව් පිරිස නිසා බුද්ධාගමට සිදුවෙන්න ගිය හානිය වැළකුණා. එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිරෙව්වා. එළඹෙන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්වේ ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත සේවයට. ඒ ඒ අය බාරගත් වැඩ කොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.

ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා


ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.

මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ.
බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා.

ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි.

මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා.
ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS